ව්‍යාපාරික පන්තියේ මගියෙකු නිසා United Airlines යානයක් නැවත හරවයි

ව්‍යාපාරික පන්තියේ මගියෙකු නිසා United Airlines යානයක් නැවත හරවයි

ව්‍යාපාරික පන්තියේ මගියෙකුට අවශ්‍ය වූ ආහාර වේලක් නොතිබූ නිසා United Airlines ගුවන් යානයක් චිකාගෝ වෙත හරවා එවා තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ව්‍යාපාරික පන්තියේ මගියා ඔහුට අවශ්‍ය වූ ආහාර වේලක් නොතිබූ නිසා ගුවන් ගමනට බාධා කිරීම හේතුවෙන් එක්සත් ජනපදයේ හූස්ටන් සිට ඇම්ස්ටර්ඩෑම් වෙත ගමන් කරමින් තිබූ මෙම යානය හැරවීමට සිදුව ඇති බවයි.

හූස්ටන් සිට සවස 4:20 ට ගුවන් ගත වූ ගුවන් යානය එහි ගමන ආරම්භ කළ පැය දෙකක් වැනි කෙටි කාලයක් තුළ චිකාගෝ ගුවන් සීමාව තුළ පියාසර කළ කර තිබෙනවා.

ගුවන් යානය පැය තුනකට වඩා ප්‍රමාද වී ඇම්ස්ටර්ඩෑම් වෙත ගොඩ බස්සවා ඇති අතර ව්‍යාපාරික පන්තියේ මගියා කලබලයට පත් වූයේ කුමන ආහාර වේලද යන්න තවමත් පැහැදිලි නැති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන සංගමය මේ වසර මුලදී වාර්තා කළේ, 2022 වසරට සාපේක්ෂව 47% කින් නොහික්මුණු මගී සිදුවීම් ඉහළ ගොස් ඇති බවයි.

Share This