වාකරේ පිහිටි ගොවි බිම් නිරීක්ෂණය කෙරේ

වාකරේ පිහිටි ගොවි බිම් නිරීක්ෂණය කෙරේ

කෘෂිකර්ම අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක කෘෂි ක්ෂේත්‍ර නව්‍යකරණ ව්‍යාපෘතිය මගින් ක්‍රියාවට නැංවෙන වාකරේ පිහිටි ගොවි බිම් නිරීක්ෂණය කිරීම සදහා නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය සහභාගි වුණා.

එහිදී ව්‍යාපෘතිය යටතේ වගා කළ පිපිඤ්ඤා අස්වනු නෙලිමේ අවස්ථාවකටද ආණ්ඩුකාරවරිය එක්ව සිටියා.

අනතුරුව ආණ්ඩුකාරවරිය මාන්කේනි ප්‍රදේශයේ පොද්ගලික ආයතනයක් මගින් ස්ථාපිත කර ඇති පිපිඤ්ඤා අපනයන සැකසුම් කර්මාන්ත ශාලාවේද නිරීක්ෂණ චාරිකාවකට එක්ව සිටියා.

මේ අවස්ථාවට පළාත් කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් අයි.ජී.කේ මුතුබණ්ඩා, පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂ ආචාර්ය එම්.හුසේන් මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා.

Share This