
වාරියපොලදී කඩාවැටුණු ගුවන් යානය ගැන විශේෂ පරික්ෂණයක් (VIDEO)
ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් පුහුණු ජෙට් යානයක් අද (21) පෙරවරුවේ කඩාවැටීමෙන් සිදු වූ අනතුර පිළිබඳ විමර්ශනයට ගුවන් හමුදාපතිවරයා විසින් විශේෂ පරික්ෂණ කමිටුවක් පත්කර තිබෙනවා
ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කැප්ටන් එරන්ද ගීගනගේ මහතා පැවසුවේ ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ විසින් හත් දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කර ඇති බවයි
ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක මුලික කඳවුරේ පිහිටි ගුවන් හමුදා අංක 05 ප්‍රහාරක බලඝණයට අනියුක්ත කරඇති ගුවන් නියමුවන්ගේ උසස් පුහුණුවීමක් සඳහා යොදාගනු ලබන K – 8 වර්ගයේ ගුවන් යානයකුයි පුහුණුවිමක් අතරතුර වාරියපොල පාදෙණිය ප්‍රදේශයේදි හදිසි අනතුරකට ලක් වුණේ
මෙම ගුවන් යානයේ ප්‍රධාන පුහුණු උපදේශක ගුවන් නියමුවරයා හා පුහුණු ගුවන් නියමු නිලධාරීවරයා ගමන් කර ඇති අතර ඔවුන් කුරුණෑගල ජාතික රෝහලට ඇතුලත් කර තිබෙනවා