
වැඩි වූ විදුලි බිල නිෂ්පාදන වලින් අල්ලන්න යන කර්මාන්තකරුවෝ
අද සිට 15% කින් විදුලිය බිල ඉහළ යාමත් සමඟ එහි පාඩුව පියවා ගැනීම සඳහා තම නිෂ්පාදනවල මිල ඉහළ දැමීිමට සිදුවන බවට විවිධ ක්‍ෂේත්‍රවල නියැලෙන කර්මාන්තකරුවන් පවසනවා.
කෙසේ වෙතත් සමස්තලංකා කොමියුනිකේෂන් හිමියන්ගේ සංගමය ප්‍රකාශ කළේ වැඩි වූ විදුලිය බිලට සාපේක්‍ෂව තම ක්‍ෂේත්‍රයට අදාළ සේවාවල මිල ඉහළ දැමීමක් සිදු නොකරන බවයි.
පසුගිය ජනවාරි මාසයේදී 20%කින් විදුලිය බිල අඩුකිරීමත් සමඟ විදුලිබල මණ්ඩලයට පාඩුවක් සිදු වූ බව පවසමින් විදුලිය බිල යළිත් ඉහළ දැමිය යුතු බවට ඔවුන් මහජන උපයෝගීතා කොමිසමට යෝජනාවක් ඉදිරිපත් කළා.
එම යෝජනාවට අනුව මහජන අදහස් ද විමසීමෙන් අනතුරුව ඊයේ දිනයේ දී යළිත් 15%කින් විදුලිය බිල ඉහළ දැමීමට මහජන උපයෝගීතා කොමිසම පියවර ගත්තා.
එමෙන්ම විදුලිය බිල ඉහළ යාම හේතුවෙන් විවිධ කර්මාන්තවල නියැලෙන ව්‍යාපාරිකයින් ප්‍රකාශ කළේ මේ හේතුවෙන් තමන් දැඩිලෙස පීඩාවට පත්ව සිටින බවයි.