වැඩ වැරදුණු අල්ලස් ගත් පොලිස් සැරයන්

වැඩ වැරදුණු අල්ලස් ගත් පොලිස් සැරයන්

රුපියල් 15,000ක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් හැටන් මූලස්ථාන පොලිස් ස්ථානයේ සැරයන්වරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අංගොඩ ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව ඔහු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

පැමිණිලිකරුට විරුද්ධව හැටන් මහෙස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවකින් පැමිණිලිකරු සහ ඔහුගේ බිරිඳ නිදහස් කරදී එම නඩුව අවසන් කරදීමට අවශ්‍ය කටයුතු සිදුකරදීම සඳහා අදාළ සැරයන්වරයා අදාළ මුදල අල්ලස් වශයෙන් ඉල්ලා තිබෙනවා.

කෙසේවෙතත් ඔහු පළමුව රුපියල් 20,000ක් අල්ලස් වශයෙන් ඉල්ලා, පසුව එය රුපියල් 15,000ක් දක්වා අඩුකර ඉල්ලා ඇති අතර එය ලබාගත් අවස්ථාවේදී මෙලෙස අත්අඩංගුවට පත්ව ඇති බව සඳහන්.

මෙම සැරයන්වරයා හැටන් මහෙස්ත්‍රාත් අධිකරණයේ දී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 18වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි නියෝග කර ඇත්තේ.

Share This