වැල්ලවායේ ඉපැරණි ආරාම සංකීර්ණයක් පුරාවිද්‍යා අවධානය ඉල්ලයි

වැල්ලවායේ ඉපැරණි ආරාම සංකීර්ණයක් පුරාවිද්‍යා අවධානය ඉල්ලයි

මෙරට ඓතිහාසික යුගයට අයත් ඉපැරණි ආරාම සංකීර්ණයක් සහ ගල්ලෙන් සංකීර්ණයක් වැල්ලවාය ප්‍රදේශයෙන් හමුවී තිබෙනවා.

අප වාර්තාකරු පැවසුවේ වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් අලුත්ගල්ගේ සහ සිරිපුරගම ගම්මානවලට මැදිව මෙම ලෙන් ආරාම සංකීර්ණය පිහිටා ඇති බවටයි.

මෙම ඓතිහාසික පුරා විද්‍යා වටිනාකමින් යුත් භූමිය තුල කටාරම් සහිත් ලෙන්,සෙල්ලිපි සහ විවිධ කාල වකවානුවලට අයත් ගල් පොකුණු සහ ඉපැරණි ගඩොල් තාක්ෂණයෙන් යුත් නටඹුන් ද ඇතැයි අප වාර්තාකරු සදහන් කළා.

පුරාවිද්‍යා පර්‍යේෂකයකු වන රුවන් දිසානායක මහතා පවසන්නෙ මෙම පුරාවිද්‍යා නටඹුන් ක්‍රි.පූ. පළවන සියවසත් – ක්‍රි.ව. 4 වන සියවසත් අතර සෙල්ලිපි රැසක් දැකිය හැකි බවයි.

 

 

 

 

 

Share This