
වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට
වෙඩි ප්‍රහාරයකට ලක්ව බරපතළ තුවාල ලබා සිටි වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති, සමගි ජන බලවේගයේ ලසන්ත වික්‍රමසේකර ලසන්ත වික්‍රමසේකර හෙවත් ‘මිදිගම ලසා’ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
අද (22) උදෑසන ප්‍රාදේශීය සභාවේ සභාපති පුටුව මත සිටියදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන වෙඩික්කරුවන් දෙදෙනෙකු වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට වෙඩි තබා තිබෙනවා.
වෙඩි වැදීමෙන් සභාපතිවරයා බරපතළ තුවාල ලබා ඇති අතර සභා නිලධාරීන් එක්ව සභාපතිවරයාව මාතර මහ රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන ඇත්තේ.
ලිපියක් අත්සන් කර ගැනීමට පැමිණෙන ආකාරයෙන් වෙඩික්කරුවන් ප්‍රාදේශීය සභාව තුළට පැමිණ තිබෙනවා.