වික්ටෝරියා ප්‍රාන්තයට අයහපත් කාලගුණ තත්ත්වයක්

වික්ටෝරියා ප්‍රාන්තයට අයහපත් කාලගුණ තත්ත්වයක්

ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ කුණාටුවක් හේතුවෙන් ලක්ෂ පහකට ආසන්න ජනතාවට විදුලිය විසන්ධි වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එමෙන්ම ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව සහ තද සුළං මගින් ජනතාව දැඩි ලෙස පිඩාවට පත්වී ඇති බව සඳහන්.

එක් කිරි ගොවියෙකු ට්‍රැක්ටරයක ගමන් කරමින් සිටියදී මියගොස් ඇති අතර බලධාරීන් සඳහන් කරන්නේ කුණාටුවෙන් ගසාගෙන ආ කිසියම් දෙයක් ඔහුගේ ගැටීමෙන් මෙම මරණය සිදුව ඇති බවයි.

ප්‍රාන්තයේ බලශක්ති අමාත්‍ය Lily D’Ambrosio පැවසුවේ අද(14) සිදුවූ විදුලිය විසන්ධි වීම සති ගණනක් පැවතිය හැකි බවට අනතුරු අඟවන බවයි.

පවතින ආන්තික කාලගුණය හේතුවෙන් ඇති වූ විදුලි රැහැන්වලට සිදුවූ භෞතික හානි හේතුවෙන් මෙම විදුලිය විසන්ධි වීම සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

Share This