විකිරණශීලි ජලයට ඇති බිය නැවතීමට මාළු කෑ ජපන් අගමැති

විකිරණශීලි ජලයට ඇති බිය නැවතීමට මාළු කෑ ජපන් අගමැති

Okuma න්‍යෂ්ටික බලාගාරයෙන් ජලය මුදා හැරීමෙන් පසු ඇති වූ බිය සමනය කිරීම සඳහා ජපාන අගමැති Fumio Kishida ෆුකුෂිමා වෙරළට ඔබ්බෙන් අල්ලා ගත් මාළු ප්‍රසිද්ධියේ ආහාරයට ගෙන තිබෙනවා.

ජපන් අගමැති මෙලෙසින් මාළු ආහාරයට ගන්නා ආකාරය රූගත කර ඇත්තේ ජනතාවට එය ආරක්ෂිත බව ඔප්පු කිරීමටයි.

විකිරණශීලි ජලය මුදා හැරීමට පෙර සිටම, ජපානයේ ධීවර කර්මාන්තයේ බොහෝ දෙනෙක් කනස්සල්ලට පත්ව සිටියේ එය රටේ මුහුදු ආහාරවල දේශීය හා විදේශීය කීර්ති නාමයට කුමක් කරයිද යන්නයි.

මේ විකිරණශීලි ජලය මුදාහැරීමෙන් පසු ජපානය සිය විශාලතම මාළු වෙළඳපොල වන චීනයට මුහුදු ආහාර ආනයනය සඳහා වූ තහනම ඉවත් කරන ලෙස ඉල්ලා ඇති අතර ලෝක වෙළඳ සංවිධානයට (WTO) පැමිණිලි කරන බවට අනතුරු අඟවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

Kishida අගමැති ප්‍රමුඛ ජපාන රජය ධීවර කර්මාන්තය සඳහා මූල්‍ය ආධාර පැකේජයක් ලබාදීමටද සැලසුම් කරමින් සිටින බව සඳහන්.

කෙසේ වෙතත් ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ (IAEA) ප්‍රධානියා වන රෆායෙල් ග්‍රෝසි මහතා අවධාරණය කරන්නේ එක්සත් ජාතීන්ගේ නිරීක්ෂණ ආයතනයට අනුව මුදා හරින ජලය ආරක්ෂිත බවයි.

 

Share This