විකිලික්ස් වෙබ් අඩවියේ නිර්මාතෘට නිදහස

විකිලික්ස් වෙබ් අඩවියේ නිර්මාතෘට නිදහස

අමෙරිකාවේ හමුදා රහස් ලොවට හෙළි කිරීමේ චෝදනා එල්ල වී සිටි විකිලික්ස් වෙබ් අඩවියේ නිර්මාතෘ ජූලියන් අසාන්ජ් එක්සත් රාජධානියේ බන්ධනාගාරයකින් නිදහස් කර තිබෙනවා.

ඒ, අමෙරිකාව සමග ඇති කරගත් ගිවිසුමක් සම්බන්ධයෙන් ඇති වූ එකඟත්වයක් මත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

විකිලික්ස් වෙබ් අඩවිය හරහා අමෙරිකානු රහස්‍ය ලේඛන හෙළිදරව් කිරීම හේතුවෙන් අමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව විකිලීක්ස් වෙබ්අඩවි නිර්මාතෘවරයාට එරෙහිව චෝදනා 18ක් ගොනුකර තිබුණා.

ඒ අනුව ඔහු 2019 වසරේ අප්‍රේල් 11 වැනි දින අත්අඩංගුවට ගෙන ලන්ඩනයේ අධිආරක්ෂිත බන්ධනාගාරයක් වන බෙල්මාර්ෂ් බන්ධනාගාරය වෙත යවා තිබූ බව සඳහන්.

2006 වසරේදී ජූලියන් අසාන්ජ් විසින් විකිලික්ස් වෙබ් අඩවිය ආරම්භ කළ අතර එහි යුද්ධය, ඔත්තු බැලීම සහ දූෂණය සම්බන්ධයෙන් රහසිගත තොරතුරු ඇතුලත් නිල වාර්තා ඇතුළු මිලියන දහයකට අධික ලේඛන සංඛ්‍යාවක් නිකුත් කර තිබුණා.

Share This