විද්‍යාඥයින් දෙදෙනෙකුට හිමිවූ භෞතික විද්‍යාව සඳහා වූ නොබෙල් ත්‍යාගය

විද්‍යාඥයින් දෙදෙනෙකුට හිමිවූ භෞතික විද්‍යාව සඳහා වූ නොබෙල් ත්‍යාගය

භෞතික විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගය හිමිකර ගැනීමට ජෝන් හොප්ෆීල්ඩ් සහ ජෙෆ්රි හින්ටන් යන විද්‍යාඥයින් සමත්වී තිබෙනවා.

නොබෙල් ත්‍යාගය සමග අමෙරිකානු ඩොලර් මිලියන 1.1ක මුදලක් ද ඔවුන්ට හිමිවන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

සංඛ්‍යාන භෞතික විද්‍යා ක්‍රමවේද භාවිතයෙන් සිය සොයාගැනීම් මෙම විද්‍යාඥයින් විසින් සිදු කර තිබෙනවා.

පසුගිය වසරේදී භෞතික විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය විද්‍යාඥයින් තිදෙනෙකුට හිමිව තිබුණා.

නොබෙල් සාම ත්‍යාගය සිකුරාදා සහ ආර්ථික විද්‍යා සම්මානය ඔක්තෝබර් 14 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

Share This