විදුලිසැර වැදී පුද්ගලයින් දෙදෙනෙක් මරුට

විදුලිසැර වැදී පුද්ගලයින් දෙදෙනෙක් මරුට

ඊච්චලම්පත්තුව සූර්නගර් ප්‍රදේශයේ කුඹුරු ඉඩමක් තුළදී පුද්ගලයින් දෙදෙනෙකුට විදුලි සැර වැදී තිබෙනවා

පොලීසිය පැවසුවේ ඊච්චලම්පත්තුව රෝහලට ඇතුළත් කිරීමේදී මොවුන් මිය ගොස් ඇති බවයි

මිය ගිය පුද්ගලයින් වයස අවුරුදු 29 සහ 47 යන වයස්වල පසුවන සූර්නගර් ප්‍රදේශයේ පදිංචිකරුවන් බව සඳහන්

මෙම කුඹුරු ඉඩමේ හිමිකරු ඉඩම වටා අදින ලද අලිවැට අත්වැඩියා කටයුතු සිදු කිරීමේදී ඔහුට විදුලි සැර වැදී ඇති අතර ඔහු බේරා ගැනීමට උත්සහ කළ දියණියගේ සැමියාට ද විදුලි සැර වැදී ඇති බවටයි සිදු කළ විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ

Share This