විදුලි ගාස්තුව අඩු කිරීම ගැන අවසන් තීරණය අද
විදුලි ගාස්තුව අඩු කිරීම පිළිබඳ අවසන් තීරණය අද (17) දිනයේ දැනුම් දීමට නියමිතව තිබෙනවා
ඒ අනුව ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවන් විශ්වාසය පළ කරන්නේ විදුලි ගාස්තුව 11.8% කට වැඩි ප්රතිශතයකින් පහළ යනු ඇති බවයි
පසුගිය 2024ට අදාළව සිදු කළ යුතු දෙවන ගාස්තු සංශෝධනය මැතිවරණය හේතුවෙන් කල්ගිය බවයි ඔවුන් පෙන්වා දෙන්නේ
මහජන උපයෝගීතා කොමිෂන් සභාව ඉල්ලූ දත්ත වාර්තාව පසුගිය දෙසැම්බර් 06 වැනිදා කොමිසම වෙත භාර දුන් බවත් එම දත්ත පදනම් කර ගනිමින් මෙම ගාස්තු අඩු කිරීම සිදු කරන බවයි වාර්තා වන්නේ