
විදුලි ගාස්තු වැඩි කිරීමට එරෙහි විරෝධයක්
2025 වසරේ අවසන් කාර්තුව සඳහා 6.8% කින් විදුලි ගාස්තු වැඩිකරන ලෙස විදුලි බල මණ්ඩලය මහජන උපයෝගිතා කොමිසම වෙත යෝජනා කර තිබෙනවා.
මේ සම්බන්ධයෙන් පළාත් මට්ටමින් මහජන උපදේශනය සිදු කෙරෙන අතර එහි බස්නාහිර පළාතේ කටයුතු ඊයේ අවසන් වුණා.
එහිදී ලංකා විදුලිබල මන්ඩලය විසින් ඉදිරිපත් කර ඇති මෙම යෝජනාවට බලශක්ති ක්‍ෂේත්‍රය ඇතුළු සංවිධාන රැසක් සිය විරෝධය එල්ල කරනවා.
මණ්ඩලයේ දුර්වල කළමනාකරණය, මූල්‍ය විනය සම්බන්ධයෙන් ඒ අනුව දැඩි චෝදනා එල්ල වෙමින් පවතිනවා.
ඒ අනුව විදුලි ගාස්තු වැඩි කරමින් සියලු බර විදුලි පාරිභෝගිකයින් වෙත පැටවීම සම්බන්ධයෙනුයි මෙම චෝදනා එල්ල වන්නේ.
කෙසේ වෙතත් මේ වසරේ ජූනි මාසයේදී විදුලිය ගාස්තු 15%කින් වැඩි කරනු ලැබුවා.