විදුලි බිල්පත් නොගෙවූ පාරිභෝගිකයන් නිසා ලංවිම ට සිදුවූ පාඩුව

විදුලි බිල්පත් නොගෙවූ පාරිභෝගිකයන් නිසා ලංවිම ට සිදුවූ පාඩුව

කොවිඩ් වසංගතය හමුවේ විදුලි බිල්පත් නොගෙවූ පාරිභෝගිකයන් හට අඛණ්ඩව විදුලිය දීමට පියවර ගැනීම හේතුවෙන් සැප්තැම්බර් මාසය වන විට රුපියල් කෝටි 2,840ක පාඩුවක් සිදුව තිබෙන බව දිනපතා පළවන පුවත්පතක සඳහන් කර තිබෙනවා

ඒ අනුව මේ වසරේ ලංවිම ලබන පාඩුව රුපියල් කෝටි 6,000 සිට රුපියල් කෝටි 9,000 දක්වා වැඩි වන බවයි වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ

ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින්ද මේ පිළිබඳව අවධානය යොමු කෙරුණා

කොරෝනා වසංගතය නිසා ඉකුත් මාස කිහිපයේදී මාසික විදුලි බිල්පත් නොගෙවා සිටින අයට අඛණ්ඩව විදුලි බලය දීමට මණ්ඩලය පියවර ගෙන තිබුණා

ඒ අනුව ඉකුත් සැප්තැම්බර් මාසය වනවිට පමණක් එම දුන් සහනයේ වටිනාකම රුපියල් කෝටි 2,840ක් ඉක්මවා ගොස් තිබෙන බව සඳහන්

මෙරට විදුලි පාරිභෝගිකයන්ගෙන් ලංකා විදුලිබල මණ්ඩලයට මාසිකව රුපියල් කෝටි 70කට අධික මුදල් ප්‍රමාණයක් එකතු වන අතර, ඉකුත් මාස කිහිපයේදී සංචරණ සීමා දැඩි කිරීම නිසා විදුලි බිල්පත් ගෙවීම සඳහා සහන කාලයක් දීමට පියවර ගැනුණා

කෙසේ වෙතත් එම කාල සීමාවේදී මාසික විදුලි බිල්පත ගෙවීමට හැකියාව ඇති විදුලි පාරිභෝගිකයන් පවා අදාළ මාසික ගෙවීම පැහැර හැරීම නිසා ලංකා විදුලිබල මණ්ඩලයේ ආදායම් විශාල ලෙස අඩුවී තිබෙන බවයි විදුලිබල ඇමැති ගාමිණී ලොකුගේ මහතාද සඳහන් කරන්නේ .

හෝටල් හා කර්මාන්තශාලා හිමියන්ගෙන් පමණක් රුපියල් කෝටි 1,720කට අධික මුදල් ප්‍රමාණයක් මණ්ඩලයට අය විය යුතුව තිබෙනවා .

මේ තත්ත්වය හමුවේ නොරොච්චෝල ගල් අගුරු බලාගාරයට අවශ්‍ය ගල් අගුරු මිලදී ගැනීමට අවශ්‍ය මුදල් ගැනීම ඇතුළු අනෙකුත් කටයුතුවලට දැඩි ලෙස බලපා ඇති බවයි ලංකා විදුලිබල මණ්ඩලය පවසන්නේ .

Share This