
විදුලි ගාස්තු සියයට 15 කින් ඉහළට
විදුලි බිල දෙසැම්බර් බිලට වඩා කිසිසේත් වැඩිවන්නේ නැහැ – අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස
විදුලි බිල පසුගිය දෙසැම්බර් මාසයේ බිලට වඩා කිසිසේත් ඉහළ නොයන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.
අද (11) කැබිනට් මාධ්‍ය හමුවේ දී කළ විමසීමක දී ඔහු මේ අදහස් පළ කළා.
අමාත්‍යවරයා පැවසුවේ විදුලි බිල නිෂ්පාදන පිරිවැයට ගැලපිය යුතු බව ආණ්ඩුවේ ස්ථාවරය බවයි.
හෙට සිට විදුලි ගාස්තු සියයට 15 කින් ඉහළ දැමීමට මහජන උපයෝගීතා කොමිසම විදුලිබල මණ්ඩලයට අනුමැතිය ලබා දුන්නා.