විදුලි සේවක වර්ජන මැද විදුලි උත්පාදනයේ පියා සමරයි

විදුලි සේවක වර්ජන මැද විදුලි උත්පාදනයේ පියා සමරයි

විදුලි බලයේ පියා ඉන්ජිනේරු ඩී.ජේ. විමල සුරේන්ද්‍රයන් ගේ 151 වන සැමරුම අදට යෙදී තිබීම නිමිත්තෙන් කොළඹ විදුලි බල මණ්ඩලය ඉදිරිපිටදී සැමරුමක් පැවැත් වුණා.

විදුලු බල මණ්ඩලයේ නව සභාපති මහාචාර්ය උදයංග හේමපාල මහතා, විමල සුරේන්ද්‍ර මහතා ගේ පිළිරුවට මල් මාල දමා උපහාර පුද කළා.

මෙම සැමරුම අද සිදු කෙරුණේ විදුලි බල මණ්ඩල සේවකයින් වෘත්තීය සමිති ක්‍රියා මාර්ග දැඩි කරමින් ලෙඩ නිවාඩු දමා සේවකයින් හරි අඩක් වර්ජනයක නිරතව සිටින පසු බිමකයි.

මෙහිදී ලංකා විදුලි බල මණ්ඩලයේ නිදහස් සේවක සංගමයේ ලේකම් ප්‍රභාත් ප්‍රියන්ත මහතා පැවසුවේ හෙට අද රාජකාරියේ නිරත සේවකයින් හෙට ලෙඩ නිවාඩු දමා විරෝධයේ නිරත වන බවයි.

ඔහු පෙන්වා දුන්නේ මෙය රජයේ විදුලි බල මණ්ඩල ප්‍රතිව්‍යූහකරණ වැඩපිළිවෙලට විරුද්ධවීමක් නොව එහි ඇති අඩුපාඩු නිවැරදි කර ගැනීම සදහා රජය සමග සාකච්ඡා මාර්ගයකට යාමේ බලාපොරොත්තුවෙන් දුකරන්නක් බවටයි.

ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ විධායක කමිටු සමාජික ධනුෂ්ක පරාක්‍රමසිංහ මහතා මාධ්‍ය හමුවක් කැදවමින් පැවසුවේ මහ ජනතාවට සපයන සේවා අඩාල නොවන ලෙස කොටස් දෙකකින් ලෙඩ නිවාඩු දමා තම විරෝධය දැක්වීම සහ උද්ඝෝෂණ සිදුකරගෙන යන බවයි.

Share This