
විදෙස් ගමන් බලපත්‍රවල කාලය දිගු කරයි
ජූලි 01 වැනිදා සිට කල් ඉකුත් වන විදෙස් ගමන් බලපත්‍ර වල කාලය වසරකින් දීර්ඝ කර තිබෙනවා.
ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා සඳහන් කළේ, ඊ පාස්පෝර්ට් ලබාදිමේ අරමුණින් එම තීරණය ගත් බවයි.
කිසියම් විදෙස් ගමන් බලපත්‍රයක් වලංගු වසර 10ක කාල සීමාව ඉක්මවීමෙන් පසුව ඊට තවත් වසරක කාලයක් ලබා දෙන්නේ ඊ පාස්පෝර්ට් නිකුත් කරන තුරු පමණක් බව පාලක ජනරාල්වරයා සඳහන් කරනවා.
එමෙන්ම නොවැම්බර් මාසයේ සිට ඊ පාස්පෝර්ට් නිකුත් කිරීම ආරම්භ කරන අතර සාමාන්‍ය විදෙස් ගමන් බලපත්‍ර හිමියන් කඩිනමින් ඊ පාස්පොර්ට් ලබා ගන්නා ලෙසයි ආගමන විගමන දෙපාර්තමේන්තුව ඉල්ලා සිටින්නේ.