විදේශගත ශ්‍රමිකයින්ගෙන් පෙබරවාරියේදී ඩොලර් මිලියන 476ක්

විදේශගත ශ්‍රමිකයින්ගෙන් පෙබරවාරියේදී ඩොලර් මිලියන 476ක්

විදේශ ගත ශ්‍රමිකයින් පෙබරවාරි මාසයේදී පමණක් අමෙරිකානු ඩොලර් මිලියන 476.4ක මුදලක් මෙරටට එවා තිබෙනවා

පසුගිය වසරේ පෙබරවාරි මාසය සමග සංසන්දනය  කර බලන විට එය සියයට 14ක ඉහළ යාමක්

නීත්‍යානුකූල ක්‍රමය හරහා විදේශගත ශ්‍රමිකයින්ගේ ප්‍රේශණ මෙරටට ගෙන්වා ගැනීම සදහා විද්‍යුත් වාහන ආයනයන බලපත්‍ර ක්‍රමයක් හදුන්වා දීම, බහු කාර්ය ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම, විශ්‍රාම වැටුප් ක්‍රමයක් හදුන්වාදිම ඇතුළු වැඩසටහන් රැසක් ද ක්‍රියාත්මක කර තිබෙනවා.

එමෙන්ම, නීත්‍යානුකූල ක්‍රමය හරහා රටට මුදල් එවන ලෙසට විදේශ ගත ශ්‍රමිකයින්ගෙන් කළ ඉල්ලීම් සදහාද යහපත් ප්‍රතිචාර ලැබී ඇති බව ද කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය සඳහන් කළා

Share This