
විදේශයන්හි සිටින ශ්‍රී ලාංකික පුරවැසියන්ට ඡන්ද අයිතිය දීම ගැන සාකච්ඡාවක්
විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා, එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ සහ ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන් ගේ සංවර්ධන ආයතනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් සමන්විත එක්සත් ජාතීන්ගේ අවශ්‍යතා තක්සේරු මෙහෙයුමේ නිලධාරීන් ඊයේ (03) මුණගැසී තිබෙනවා.
මෙම දූත පිරිසට මිෂෙල් ග්‍රිෆින් (අධ්යක්ෂ, මැතිවරණ සහාය අංශය, DPPA, UN HQ), ඩෑන් මැලිනොවිච් (මැතිවරණ ප්‍රතිපත්ති විශේෂඥ, UNDP HQ), අමන්දා ස්ටාර්ක් (දේශපාලන කටයුතු නිලධාරී, DPPA–DPO, UN HQ), මික්යොන්ග් කිම් (දේශපාලන/මැතිවරණ කටයුතු නිලධාරී, DPPA, UN HQ), අසූසා කුබෝටා (ශ්‍රී ලංකාවේ UNDP නේවාසික නියෝජිත) සහ නෙත්මිණී මැදවල (සාමය සහ සංවර්ධන විශ්ලේෂක) ඇතුළත් වුණා.
සාකච්ඡා පැවැත්වී ඇත්තේ ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රියාවලීන් ශක්තිමත් කිරීම කෙරෙහි අවධානය යොමු කරමින්.
ජාත්‍යන්තර හොඳම භාවිතයන්ට අනුකූලව ආයතනික සංවර්ධනය, ධාරිතාව ගොඩනැගීම සහ විනිවිදභාවය කෙරෙහි අවධානය යොමු කර කළ බව විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය කාර්යාලය පැවසුවා.
විදේශයන්හි සිටින ශ්‍රී ලාංකික පුරවැසියන්ට ඔවුන්ගේ ඡන්ද අයිතිය ක්‍රියාත්මක කිරීමට අවස්ථාව ලබාදීමේ හැකියාව ද සාකච්ඡාවලදී විමර්ශණයට ලක්ව තිබුණා.
