විදේශීය කාන්තාවකට ලිංගික අතවර කිරීමේ සිද්ධියට සැකකරුවෙක් පොලීසිය සොයයි

විදේශීය කාන්තාවකට ලිංගික අතවර කිරීමේ සිද්ධියට සැකකරුවෙක් පොලීසිය සොයයි

පසුගිය ඔක්තෝබර් මස 25 වැනිදා අරුගම්බේ ප්‍රදේශයේ දී විදේශීය කාන්තාවකට ලිංගික අතවර කිරීමේ සිද්ධියකට සම්බන්ධ සැකකරුවකු අත් අඩංගුවට ගැනීම සදහා පොලීසිය මහජන සහාය ඉල්ලා සිටිනවා.

පොලීස් මාධ්‍ය කොට්ඨාසය සැකකරුගේ ඡායාරූපයක් මාධ්‍ය වෙත යොමුකර ඇති අතර ඔහු පිළිබඳ තොරතුරක් වෙතොත් පහත සඳහන් දුරකතන අංක වෙත දැනුම් දෙන ලෙස ඉල්ලා සිටිනවා.

පොතුවිල් පොලීසිය – 063 2248022

ස්ථානාධිපති /පොතුවිල් – 071 8591168

Share This