විදේශ ප්‍රේෂණවල වර්ධනයක්

විදේශ ප්‍රේෂණවල වර්ධනයක්

2023 වසරේ ජනවාරි මාසයේදී විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් මෙරටට එවන ලද ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 437.5 ක් ලෙස වාර්තා වී තිබෙනවා.

කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කළේ විදෙස්ගත ශ්‍රමිකයින් මෙරටට එවන ලද ප්‍රේෂණ ප්‍රමාණය 2022 ජනවාරි මාසයේදී දැක්වුණේ අමෙරිකානු ඩොලර් මිලියන 259.2 ලෙස බවයි.

ඒ අනුව 2022 වසරට සාපේක්ෂව 2023 වසරේදී විදේශ ප්‍රේෂණ ප්‍රමාණය 68.8% ක (අමෙරිකානු ඩොලර් මිලියන 178.3) වර්ධනයක් පෙන්නුම් කර ඇති බව මනුෂ නානායක්කාර අමාත්‍යවරයා පෙන්වාදෙනවා.

Share This