විදේශ රැකියා පෙන්වා මුදල් වංචාකර කාන්තාවක් කොටු

විදේශ රැකියා පෙන්වා මුදල් වංචාකර කාන්තාවක් කොටු

වංචනික විදේශ රැකියා ආයතනයක් පවත්වාගෙන යමින් ඕස්ට්‍රේලියාව, රැමේනියාව, කැනඩාව ඇතුළු යුරෝපානු රටවල රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචාකර කාන්තාවක් කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම කාන්තාව රුපියල් එක් කෝටි පනස් හත් ලක්ෂයක් වංචාකර සැගවී සිටි කාන්තාවක් බවයි වාර්තා වන්නේ.

එම කාන්තාව රාජගිරිය ප්‍රදේශයේ ප්‍රසිද්ධ වෙළඳසැලකට පැමිණෙන බවට ලද තොරතුරක් අනුවයි ජූනි මස 28 දින විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

සැකකාරිය විදේශ රැකියා වංචාවන්ට අදාළව මීට පෙර දෙවරක් අත්අඩංගුවට පත්ව ඇති තැනැත්තියක් බවද සදහන් වෙනවා.

අත්අඩංගුවට ගත් සැකකාරිය මැයි මස 29 දින අලුත් කඩේ අංක 5 අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද දින (01) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ.

Share This