විදේශ සංචිත ඉහළ නංවා ගැනීම හේතුවෙන් ආරක්ෂා වී ඇති කලාපීය රට

විදේශ සංචිත ඉහළ නංවා ගැනීම හේතුවෙන් ආරක්ෂා වී ඇති කලාපීය රට

විදේශ සංචිත ඉහළ නංවා ගැනීම හේතුවෙන් ඉන්දියාව, ණය බර වැනි ගැටළුවලින් ආරක්ෂා වී ඇති බව ඉන්දීය මුදල් අමාත්‍යවරිය පවසනවා.

ඉන්දියාවේ විදේශ සංචිත ඉහළ නැංවීම වෙනුවෙන් එරට මහ බැංකුව සැලකිය යුතු දායකත්වයක් ලබා දී ඇතැයි මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් සදහන් කළේ පාර්ලිමේන්තුවේ විවාදයකදීයි.

අසල්වැසි රටවල් අතරින් , ණය බර හේතුවෙන් ගැටළුවලටවලට මුහුණ පා ඇති රටවල් ලෙස මුදල් අමාත්‍යවරිය ශ්‍රී ලංකාව හා පකිස්තානය හදුන්වාදීම විශේෂත්වයකි.

සිය කරුණු දැක්වීමේදී ඉන්දීය මුදල් අමාත්‍යවරිය චීන ආර්ථිකය සම්බන්ධයෙන් ද අවධානය යොමු කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

චීනයේ බැංකු පද්ධතිය පිලිබද අවධානය යොමු කරමින් ඇය සදහන් කළේ චීනයේ බැංකු 4000 ක් පමණ කඩාවැටීමේ අවදාමනට ලක්ව ඇති බවට වාර්තා පළ වන බවයි

Share This