විනිමය සීමාවන් පිළිබඳව ‘විදෙස්ගත ශ්‍රමිකයන්ට’ දැනුම් දීමක්
ශ්‍රී ලංකාවේ විදෙස්ගත ශ්‍රමිකයන්ට රජය විසින් අලූතින් පැනවූ විනිමය සීමාවන් බලපාන්නේ නැතැයි මුදල්, ප්‍රාග්ධන වෙළෙඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය ඇමැති අජිත් නිවාඞ් කබ්රාල් මහතා ඊයේ (05 ) මුදල් අමාත්‍යාංශයේදී පැවැති ප්රවෘත්ති සාකච්ඡාවක දී සඳහන් කළ බව මාධ්‍ය වාර්තා කරනවා.
රට තුළ පවතින විදේශ සංචිත මට්ටම ආරක්ෂා කර ගැනීම සඳහා විදේශ විනිමය පනත යටතේ පසුගිය දා රජය විසින් සිදුකළ අත්හිටුවීම් සහ සීමා කිරීම් සම්බන්ධයෙන් ශ්‍රී ලාංකික විදෙස්ගත ශ්‍රමිකයන්ද කිසියම් කලබලයකට ලක්ව ඇති බව තමාට දැනගැනීමට ලැබී ඇති බවද එහෙත් එම නියමයන් පිටරට රැකියා කරන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට අදාළ නොවන බවද ඇමැති කබ්රාල් මහතා එහිදී සඳහන් කළ බවයි මාධ්‍ය වාර්තා මගින් සඳහන් වුණේ.