විනිසුරු තීරණය විවේචනය කළ ශුබ්මන් ගිල්ට දඩ

විනිසුරු තීරණය විවේචනය කළ ශුබ්මන් ගිල්ට දඩ

රූපවාහිනී විනිසුරුවරයාගේ තීරණය විවේචනය කිරීම හේතුවෙන් ඉන්දීය ආරම්භක පිතිකරු ශුබ්මන් ගිල් හට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් දඩයක් නියම කර තිබෙනවා.

පසුගියදා නිමාවූ ලෝක ටෙස්ට් ශූරතා අවසන් තරගයේදී තමාගේ දැවීයාම සම්බන්ධයෙන් ඔහු විවේචනාත්මක අදහස්
පළ කර තිබූ බව සඳහන්.

ඒ අනුව ශුබ්මන් ගිල්ගේ තරග මුදලෙන් 15%ක් දඩයක් ලෙස අය කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පියවර ගෙන තිබෙනවා.

ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවති ලෝක ටෙස්ට් ශූරතා අවසන් තරගය ලකුණු 209කින් ජයග්‍රහණය කිරීමට ඕස්ට්‍රේලියාව සමත් වුණා.

එහි සිව්වන දිනයේදී කැමරන් ග්‍රීන් ලබාගත් උඩපන්දුවක් හේතුවෙන් ශුබ්මන් ගිල් දැවීගිය අතර එම උඩපන්දුව සම්බන්ධයෙන් ඔහු විවේචනාත්මක අදහස් පළකර තිබූ බව සඳහන්.

එමෙන්ම තරගයේ නියමිත කාලය තුළදී නියමිත පන්දු ඕවර ගණන නොයැවීම හේතුවෙන් කණ්ඩායම් දෙකටම දඩ නියම කිරීමට ද ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පියවර ගත්තා.

ඒ අනුව ඉන්දීය කණ්ඩායමට තරග මුදලෙන් 100%ක දඩයක් සහ ඕස්ට්‍රේලියානු කණ්ඩායමට 80%ක දඩයක් ගෙවීමට ද සිදුවුණා.

Share This