
විපක්ෂනායක ඉල්ලන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ
නිදහස් අධ්‍යාපනය ආරක්ෂා කරමින් නූතනවාදී කරන අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් අවශ්‍යයි – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස
අධ්‍යාපනය හරහා පිරිපුන් පුරවැසියන් නිර්මාණය වන බවත් මේ පිරිපුන් පුරවැසියා නිර්මාණය කරනවා නම් අධ්‍යාපන ක්‍රමයේ සෘජු සම්බන්ධතාවක් ජාත්‍යන්තර ශ්‍රම වෙළෙඳපොළෙ ඉල්ලුම සැපයුම හා තිබිය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
ඔහු පවසන්නේ නව අධ්‍යාපන ක්‍රම මගින් විවිධ ක්ෂේත්‍ර හා වෘත්තීන්ට ගැලපෙන ශ්‍රම බලකායක් නිර්මාණය කරන්නට හැකි විය යුතු, සහනාධාර මත යැපෙන්නේ නැති උසස් පුරවැසියකු බිහි විය යුතු බවයි.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ අදහස් පළ කළේ Citizen Voice වැඩසටහන යටතේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් පාර්ශ්ව රැසක් සමග කළ සාකච්ඡා වකදීයි.
වෛද්‍ය, ඉංජිනේරු, තොරතුරු තාක්ෂණ ආදී යම් යම් ක්ෂේත්‍රවල දෙපයින් නැගී සිටිය හැකි පුරවැසියන් නිර්මාණය වන නමුත් අනෙකුත් ක්ෂේත්‍රවල එවැනි තත්ත්ව්‍යක් දැකිය නොහැකි බව විපක්ෂනායකවරයා සදහන් කළා.
අධ්‍යාපනය තුළ තරගය ඇති කරන විට නිදහස් අධ්‍යාපනය සුරක්ෂිත විය යුතු අතර එසේම නිදහස් අධ්‍යාපනයෙන් විරැකියා පෝළිය ඇති වීම අහෝසි කළ යුතු බවත් සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දුන්නා.
රාජ්‍ය ආයෝජන, වෙනත් සම්පත් උපයෝගී කර ගෙන නිදහස් අධ්‍යාපනය ශක්තිමත් කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ගේ අදහසයි.