
විපක්ෂනායක කියන ආණ්ඩුවේ බරපතල වරද
වත්මන් රජය ක්‍රමයේ වෙනසක් ඇති කරන බවට පොරොන්දු වුවත්, අද වන විට ජනාධිපති සමාව යටතේ සිරකරුවන් නිදහස් කිරීමේ ක්‍රමයේ වෙනසක් සිදු වී නැති බවත්, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
ජනාධිපතිවරයා පවා නොදැන, සිරකරුවන් නිදහස් වන බවත්, වරායෙන් රතු ලේබල් කන්ටේනර් 323ක් පවා නිදහස් වී ඇති බවත්, කිසිම තැනක ක්‍රමයේ වෙනසක් සිදු වී නැති බවත් විපක්ෂනායකවරයා අවධාරණය කරමින් පෙන්වා දෙනවා.
විපක්ෂ නායකවරයා පවසන්නේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ඉතිරි කිරීම් පොලිය වැඩි කිරීමද සිදු නොවූ බවයි.
සෑම රජයක්ම 15%ක ඉතිරි කිරීමේ පොලියක් දුන්නත් අද එය අහිමි වී ඇති බවත්, එතැනත් ක්‍රමයේ වෙනසක් සිදු නොවී බොරුව, වංචාව, ඇන්දවිල්ල, මුලාව අදටත් ක්‍රියාත්මක බවත් ඔහු පවසනවා.
එබැවින් ජනතාව අපේක්ෂා කළ ක්‍රමයේ වෙනස මෙය නොවන බවත්, දැන්වත් රටේ ජනතාව මංමුලා නොකර සිටින ලෙස රජයෙන් ඉල්ලා සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් සදහන් කරනවා.