විපක්ෂයේ දේශපාලන පක්ෂ සමග එකට වැඩකරන්න එ.ජ.ප.ය තීරණයක් ගනී

විපක්ෂයේ දේශපාලන පක්ෂ සමග එකට වැඩකරන්න එ.ජ.ප.ය තීරණයක් ගනී

මූලික සාකච්ඡා වලදී එකඟතාවයට පැමිණි ආකාරයට සමගි ජන බලවේගය සහ විපක්ෂයේ අනෙකුත් දේශපාලන පක්ෂ සමග අඛණ්ඩව ඉදිරියටත් කටයුතු කරගෙන යාමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබෙනවා.

එක්සත් ජාතික පක්ෂය අදහස් කර ඇත්තේ සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයේ පක්ෂ සමග කටයුතු කිරීම සඳහා කමිටුවක් හෝ ඒ හා සමාන යාන්ත්‍රණයක් මගින් ක්‍රියා කිරීමටයි.
සමගි ජන බලවේගය සහ විපක්ෂයේ අනෙකුත් පක්ෂ සමඟ පොදු කාරණා වලදී කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් පසුගිය කාලය මුළුල්ලේම එක්සත් ජාතික පක්ෂය විරුද්ධ පක්ෂ සමග සාකච්ඡා කළා.

එම සාකච්ඡා වලදී එකඟත්වයට පැමිණි කරුණු අඛණ්ඩව ඉදිරියටත් ක්‍රියාත්මක කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කළ බව එම පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා පවසනවා.

වජිර අබේවර්ධන මහතා සඳහන් කළේ මේ අනුව සමගි ජන බලවේගය සමඟ විවෘතව එකට වැඩ කිරීමට තීරණය කර තිබෙන බවයි.

Share This