විභාග පිළිතුරු පත්‍ර පරීක්ෂා කිරීමේ දීමනා ඉහළට

විභාග පිළිතුරු පත්‍ර පරීක්ෂා කිරීමේ දීමනා ඉහළට

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ මෙන්ම 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග පිළිතුරු පත්‍ර පරීක්ෂා කිරීමේ දීමනා ඉහළ දැමීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

විභාග දෙපාර්තමේන්තුව සහිත අනුකමිටුවේ නිර්දේශය අනුව අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සංදේශයට අද රැස්වූ අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇති බව සඳහන්.

ඒ අනුව අදාළ ඉහළ දැමූ දීමනාව උත්තර පත්‍ර පරීක්ෂා කරන ගුරුවරුන්ට ලබාදීමට නියමිතයි.

Share This