විවාහයට පෙර හිනාව ලස්සන කරගන්න ගිහින් දිවි අහිමි වූ තරුණයෙක්

විවාහයට පෙර හිනාව ලස්සන කරගන්න ගිහින් දිවි අහිමි වූ තරුණයෙක්

විවාහයට පෙර තම හිනාව ලස්සන කරගන්න ශල්‍යකර්මයකට මුහුණ දුන් 28 හැවිරිදි තරුණයෙකු ජිවිතක්ෂයට පත්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඉන්දියාවේ FMS International Dental Clinic in Hyderabad’s Jubilee Hills හිදී මෙම ශල්‍යකර්මය සිදුකර ඇති බවයි සඳහන් වන්නේ.

එහිදී එම සැත්කමේ කොටසක් ලෙස Laxmi Narayana Vinjam නම් තරුණයාව නිර්වින්දනය කර ඇති අතර අවාසනාවන්ත ලෙස ඔහුගේ සිහිය ගැනීමට සියලුදෙනා අසමත් වී තිබෙනවා.

මෙම්ව් තරුණයා සතියකට පෙර විවාහ ගිවිසගෙන ඇති අතර ඔහු ලබන මාසයේදී විවාහ වීමට නියමිතව තිබූ බවයි සඳහන් වන්නේ.

කෙසේ වෙතත් තරුණයාගේ පවුලේ ඥාතීන් අදාළ රෝහලට එරෙහිව නඩු පවරා ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Share This