විවාහ ගිවිසගෙන මොහොතකට පසු කාන්තාවක් ලිස්සා ගොස් මරුට

විවාහ ගිවිසගෙන මොහොතකට පසු කාන්තාවක් ලිස්සා ගොස් මරුට

තුර්කියේ 39 හැවිරිදි Yesim Demir නම් කාන්තාව විවාහ ගිවිසගෙන සුළු මොහොතකට පසු අඩි 100ක් පමණ උසකින් ලිස්සා ගොස් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙම කාන්තාව පෙම්වතා Nizamettin Gursu සමග විවාහ ගිවිස ගැනීම සමරමින් සිටියදී පසුගියදා ඛේදජනක ලෙස කඳු බෑවුමකින් වැටී මෙම අනතුර සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

Gursu මෝටර් රථය වෙත ආපසු පැමිණ ඇති නමුත් හදිසියේම කෑගැසීමක් ඇසී නැවත කඳු බෑවුමේ ස්ථානයට දිව ගිය අතර ඔහුගේ පෙම්වතිය කඳු බෑවුමෙන් වැටී ඇති බව සොයාගෙන තිබෙනවා.

Demir  රෝහලේ දින ගණනක් ප්‍රතිකාර ලබමින් සිටියදී ඇයගේ තුවාල හේතුවෙන් මියගිය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

Share This