විශ්වවිද්‍යාල තුළ නවක වධය ඇතුළු සි‍යලු හිංසනයන් පිටුදැකීමට අගමැතිනියගෙන් සැළැස්මක්

විශ්වවිද්‍යාල තුළ නවක වධය ඇතුළු සි‍යලු හිංසනයන් පිටුදැකීමට අගමැතිනියගෙන් සැළැස්මක්

විශ්වවිද්‍යාල පද්ධතිය තුළ පවතින නවක වධය, හිංසනයන් සහ සියලුම ආකාරයේ ප්‍රචණ්ඩත්වයන් වැළැක්වීමට අවශ්‍ය නිර්දේශ සහ කටයුතු සම්පාදනය කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පවසනවා.

උසස් අධ්‍යාපන ආයතනවල නවක වධය, හිංසනයන් සහ සියලුම ආකාරයේ ප්‍රචණ්ඩත්වයන් තුරන් කිරීම සඳහා වන ජාතික කාර්ය සාධක බලකායේ සාමාජිකයින් සහ අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය අතර ඊයේ අධ්‍යාපන අමාත්‍යාංශයේදී පැවැති සාකච්ඡාවකදී ඇය මේ බව සදහන් කළා.

එමෙන්ම මෙවැනි හිංසාකාරී සිදුවීම් සඳහා පුද්ගලික වශයෙන් මෙන්ම සාමාජීය වශයෙන් බලපාන හේතු පවතින බව මෙහිදී කාර්ය සාධක බලකායේ නියෝජිතයින් පෙන්වා දුන්නා.

විශ්වවිද්‍යාල පද්ධතියේ සිසුන්ට ලකුණු ලබාදීමේදී සහ පන්ති සාමාර්ථ ලබාදීමේදී පරිපාලනය සහ ආචාර්යවරුන් සිසුන් සඳහා සිදු කරන බලපෑම නිසා සිසුන් ආතතියට පත්වීම වැනි කරුණු පිළිබඳවද මෙහිදී අවධානය යොමුව තිබෙනවා.

සියලු ආකාරයේ හිංසනයන් නතර කිරීම වෙනුවෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග කෙටි කාලීනව සහ දිගු කාලීනව ගත යුතු බවත් ඒ වෙනුවෙන් අවශ්‍ය ක්‍රමවේද සහ යාන්ත්‍රණ සකස් කරන ලෙසත් නීතිමය ක්‍රියාමාර්ගවලින් පමණක් මෙය අවසන් කළ නොහැකි බැවින් පවතින නීති යාවත්කාලීන කළ යුතු බවයි අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය එහිදී දැනුම් දී ඇත්තේ.

Share This