විශ්ව්විද්‍යාල ආචාර්යවරුන් හෙට වර්ජනයක

විශ්ව්විද්‍යාල ආචාර්යවරුන් හෙට වර්ජනයක

රාජ්‍ය විශ්ව විද්‍යාල පද්දතියේ ගැටළු පිළිබද අපි අග්‍රාමාත්‍යවරිය සහ මුදල් අමාත්‍යංශය සමග සාකච්ඡා කළ ද කිසිදු විසදුමක් නැතැයි විශ්ව විද්‍යාලය ආචාර්ය සමිති සම්මේලනයේ මාධ්‍ය ප්‍රකාශක ජ්‍යාෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ මහතා පවසනවා.

ඔහු අද පැවති මාධ්‍ය හමුවක දී පැවසුවේ මේ හේතුවෙන් විශ්වවිද්‍යාල පද්ධතිය අර්බුදයකට මුහුණ දී ඇති බවයි.

මෙම ගැටලු සඳහා විසදුමක් නොලැබීම හේතුවෙන් හෙට දවසේ විශ්ව විද්‍යාලය ආචාර්ය සමිති සම්මේලනයේ සියලුම කථිකාචාර්යවරුන් හෙට දිනයේ වැඩ වර්ජනයක නිරතවන බවයි.

මේ වනවිට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ ගේ හිගයක් පවතින බවත්, වසරකට 40,000 ක් සිසුන් විශ්වවිද්‍යාලවලට ඇතුලත් වුවද ඔවුන්ට නිසි අධ්‍යාපනයක් දීමේ හැකියාවක් නොමැති බවත් එම සංගමය පවසනවා.

 

Share This