විශ්‍රාම වැටුප් දෙන දවස
ලබන මස 10 වැනිදාට කිසිදු බාධාවකින් තොරව විශ්‍රාමිකයන්ට විශ්‍රාම වැටුප් ගෙවීමට සියලු කටයුතු මේ වන විට සිදු කරමින් සිටින බව විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ජගත් ඩයස් මහතා පවසනවා.
තම දෙපාර්තමේන්තුවේ සේවකයන්ගෙන් 30 දෙනකු රෝගයට ගොදුරු වී සිටින අතර ආශ්‍රිතයෝ විශාල පිරිසක් සිටින බව කී අධ්යක්ෂ ජනරාල්වරයා, එසේ වූවත් නිවසේ සිට හෝ රාජකාරිය සිදු කරමින් විශ්‍රාමිකයන්ගේ විශ්‍රාම වැටුප් ගෙවීමට කටයුතු සිදු කරන බව සඳහන් කරනවා.
විශ්‍රාමිකයන් හයලක්ෂ හැත්තෑදහසක් දෙනෙකුට නියමිත පරිදි නියමිත දිනටම විශ්‍රාම වැටුප ගැනීමට අවශ්‍ය සේවා සැපැයීම එකම අරමුණ බවද අධ්යක්ෂ ජනරාල්වරයා පවසනවා.