විශිෂ්ට මෙහෙවරක් ඉටු කළ පුද්ගලයන් වෙත චීන ජනාධිපති සම්මාන පිරිනමයි

විශිෂ්ට මෙහෙවරක් ඉටු කළ පුද්ගලයන් වෙත චීන ජනාධිපති සම්මාන පිරිනමයි

රටේ සමස්ත ජාතීන්ගේ සමගිය හා ප්‍රගතිය වෙනුවෙන් විශිෂ්ට මෙහෙවරක් ඉටු කළ ආදර්ශවත් කණ්ඩායම් හා පුද්ගලයන් වෙත චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සම්මාන පිරිනමා තිබෙනවා.

එම අවස්ථාවට එක්වෙමින් චීන ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ පාලක පක්ෂය වශයෙන් චීන කොමියුනිස්ට් පක්ෂය ස්ථාපිත වූ දා සිට මේ දක්වා ජනවාර්ගික සමගිය වෙනුවෙන් දුර්දර්ශී හා බුද්ධිමත් පියවරක් ගෙන ඇති බවයි.

එමෙන්ම ජාතීන් 56 එකතු වීමෙන් චීන ජාතික පොදු හවුල නිර්මාණය වී ඇති අතර මෙම පොදු හවුලේ හැම ජාතියකටම යහපත් ජීවිතයක් හිමි විය යුතු බව ද එහිදී ප්‍රකාශ කළා.

චීන කොමියුනිස්ට් පක්ෂය සියලු ජාතීන්ගේ සමානත්මතාවයට මුල් තැන දී ඇති අතර චීන කොමියුනිස්ට් පක්ෂයේ 18වන ජාතික කොංග්‍රසය පැවැත්වීමෙන් පසු ෂී ජින් පිං මහතා ප්‍රමුඛ පක්ෂ මධ්‍යම කාරක සභාව චීනයේ සමස්ත ජාතීන්ගේ පොදු හවුල යන සංකල්පය ඉදිරිපත් කර තිබෙනවා.

ගෙවුණු වසර ගණනාවක් තුළ චීනයේ සියලු ජාතීන් විශේෂයෙන් සුළු ජනගහණය සිටින ජාතීන් වෙනුවෙන් චීන රජය අනුග්‍රාහී ප්‍රතිපත්ති බොහෝමයක් ක්‍රියාත්මක කර ඇති බව සඳහන්.

චීන ජාතික පොදු හවුල සඳහා විශිෂ්ට සේවය ඉටු කළ කණ්ඩායම් හා පුද්ගලයන් අගය කිරීමේ අරමුණින් 1988 වසරේ සිට සෑම වසර 5කට වරක් චීන රජය සම්මාන පිරිනැමීමේ උත්සවයක් පවත්වන අතර මෙවර පැවති එම උත්සවයේදී සමස්ත ජාතීන්ගේ පොදු සමෘද්ධිය සාක්ෂාත් කරගැනීම මෙන්ම චීන ලක්ෂණයෙන් යුත් නවීකරණය වඩාත් ඉදිරියට ගෙන යාම පිළිබඳව චීන ජනාධිපතිවරයා අදහස් දක්වමින් උපදෙස් ලබාදී තිබෙනවා.

Share This