විශේෂ වෙළඳ බද්ද අඩු කළේ ත්‍රිපෝෂ නිෂ්පාදන සමාගම ආනයනය කරන බඩ ඉරිඟු සඳහා පමණයි

විශේෂ වෙළඳ බද්ද අඩු කළේ ත්‍රිපෝෂ නිෂ්පාදන සමාගම ආනයනය කරන බඩ ඉරිඟු සඳහා පමණයි

බඩ ඉරිඟු ආනයනය කිරීමේදී පනවා තිබූ විශේෂ වෙළඳ බද්ද අඩු කරනු ලැබුයේ ත්‍රිපෝෂ නිෂ්පාදන සමාගම සඳහා ආනයනය කරන බඩ ඉරිඟු සඳහා පමණක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

පසුගිය 18 වනදා සිට බලපැවැත්වෙන පරිදි මෙම බද්ද අඩු කළද අනෙකුත් බඩ ඉරිඟු ආනයන කටයුතු සඳහා මෙම බදු අඩු කිරීම බලනොපැවැත්වෙන බවයි රාජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ.

අවිස්සාවේල්ල තල්දූව ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් රංජිත් සියඹලාපිටිය රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

ත්‍රිපෝෂ නිෂ්පාදනයට ප්‍රමාණවත් පරිදි බඩ ඉරිඟු ගෙන්වීමෙන් අනතුරුව ඕනෑම අවස්ථාවක මෙම බද්ද යලි පැනවිය හැකි බවයි මුදල් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

Share This