
විෂයන් 9ටම A ගත් සිසුන් 13,392ක්
2024 (2025) අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අනුව සියලුම විෂයන් සඳහා A සාමාර්ථ ලබා ගත් අයදුම්කරුවන් සංඛ්‍යාව 13,392ක් බව විභාග කොමසාරිස් ජනරාල් ඒ.කේ.එස් ඉන්දිකා කුමාරි මහත්මිය පවසනවා
අද (11) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඇය සඳහන් කළේ, එම ප්‍රතිශතය 4.15%ක් බවයි.
මෙම විභාගයේ ප්‍රතිඵල අනුව උසස් පෙළ කිරීමට සුදුසුකම් ලබා ගත් ශිෂ්‍ය සංඛ්‍යාව දෙලක්ෂ තිස් හත් දහස් විසි හයක් වන අතර එය ප්‍රතිශතයක් ලෙස 73.45%ක් වනවා
මේ අතර ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයදුම්පත් කැඳවීම එළැඹෙන 14 වනදා සිට 28 වනදා දක්වා සිදුකිරීමට නියමිතයි