විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට

විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට

2025 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත පළමුවර කියවීම සඳහා අද (09) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා

ඒ අනුව එහි දෙවනවර කියවීමේ විවාදය පෙබරවාරි 18වනදා සිට 25වනදා දක්වා පැවැත්වීමට නියමිතයි

එමෙන්ම අද පෙ.ව. 9.30 – පෙ.ව. 10.30 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර ඉන්පසු පෙ.ව. 10.30 සිට පෙ.ව. 11.30 දක්වා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ නියෝගයක්, විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ නියෝග සහ සුබසාධන ප්‍රතිලාභ පනත යටතේ නිවේදන විවාදයට ගැනීමට නියමිතව තිබෙනවා.

අනතුරුව ප.ව. 5.30 දක්වා විරුද්ධ පාර්ශවය විසින් ගෙනෙන යෝජනාවට අනුව සභාව කල්තැබීමේ විවාදය පැවැත්වෙනවා

මේ අතර හෙට(10) සම්පූර්ණ දිනය වෙන්ව ඇත්තේ අභාවප්‍රාප්ත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා ශෝක ප්‍රකාශ යෝජනා පළ කිරීම සඳහායි.

මේ අනුව අභාවප්‍රාප්ත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කුමාර වෙල්ගම, එච්. නන්දසේන සහ ටියුඩර් ගුණසේකර යන මන්ත්‍රීවරුන් සඳහා ශෝක ප්‍රකාශ යෝජනා පළ කිරීම සඳහා හෙට පෙ.ව. 9.30 සිට ප.ව. 5.30 දක්වා කාලය වෙන් කර තිබෙනවා

Share This