
වී අලෙවි මණ්ඩලය සක්‍රීය කරන්න කඩිනම් ක්‍රියාමාර්ග
අක්‍රීයව පැවති වී අලෙවි මණ්ඩලය යළිත් සක්‍රීය තත්ත්වයට ගෙන ඒම සඳහා අවශ්‍ය පියවර කඩිනමින් ගත යුතු බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත මහතා පවසනවා
ඊයේ(29) වී අලෙවි මණ්ඩලයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා
මෙහිදී අමාත්‍යවරයා වී අලෙවි මණ්ඩලයේ වර්තමාන තත්ත්වය, ආයතනය හමුවේ ඇති අභියෝග සහ ඉදිරි සැලසුම් පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබෙනවා
2025 මහ කන්නයට අදාළව විී මිලදී ගැනීම සඳහා වී අලෙවි මණ්ඩලය සූදානම් වී ඇති ආකාරය සහ වී අලෙවී මණ්ඩලය සතුව ඇති ගබඩා සූදානම් කර ඇති ආකාරය පිළිබඳව ද මෙහිදී කෘෂිකර්ම අමාත්‍යවරයාගේ අවධානය යොමුව ඇති බව සඳහන්