වෙනිසියුලාව බන්ධනාගාරයක පාලනය නැවත ලබා ගැනීමට හමුදා භටයන් 11,000ක් යොදවයි

වෙනිසියුලාව බන්ධනාගාරයක පාලනය නැවත ලබා ගැනීමට හමුදා භටයන් 11,000ක් යොදවයි

වෙනිසියුලාව බලවත් අපරාධ කල්ලියක් විසින් යටත් කරගෙන තිබූ එහි විශාලතම බන්ධනාගාරයක පාලනය නැවත ලබා ගැනීම සඳහා 11,000 පමණ භට පිරිසක් යවා ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා

එරට උතුරේ Tocoron බන්ධනාගාරය වසර ගණනාවක් Tren de Aragua කල්ලිය යටතේ පාලනය වනවා

තටාකයක්, රාත්‍රී සමාජ ශාලාවක් සහ කුඩා සත්වෝද්‍යානයක් ඇතුළු හෝටල් වැනි පහසුකම් වලින් සමන්විත බන්ධනාගාරය වටා සාමාජිකයින්ට නිදහසේ සැරිසැරීමට හැකියාව පවතින බව ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කරනවා

එම රැඳවියන් 6000ක් වෙනත් බන්ධනාගාර වෙත මාරු කරන බවයි නිලධාරීහු පවසන්නේ

Tren de Aragua කල්ලියේ නායකයා වන Hector Guerrero Flores මිනීමැරුම් සහ මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් බන්ධනාගාරය තුළ වසර 17ක සිර දඬුවමක් විඳිමින් සිටිනවා

Share This