
වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවෙන් පැය 24 පුරා ක්‍රියාත්මක හදිසි ඇමතුම් අංකයක්
සමුද්‍රීය ආරක්ෂාව වැඩිදියුණු කිරීම සහ මුහුදු ආපදා තත්වයන්හි වහාම ප්‍රතිචාර දැක්වීම සුරක්ෂිත කිරීම සඳහා ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් පැය 24 පුරා ක්‍රියාත්මක හදිසි ඇමතුම් අංකයක් හඳුන්වා දී.තිබෙනවා
106 යන දුරකථන අංකය මඟින් සෘජුව වෙරළාරක්ෂක දෙපාර්තමේන්තු මෙහෙයුම් මධ්‍යස්ථානයට සම්බන්ධ වී ඕනෑම හදිසි අවස්ථාවකදී දැනුම්දීමේ හැකියාව ඇති බව සඳහන්.
අලුතින් හඳුන්වා දුන් ක්ෂණික ඇමතුම් අංකය තුළින්, හදිසි අවස්ථාවකදී ප්‍රතිචාර දැක්වීමේ කාලය අවම කිරීම සහ සමුද්‍රීය ආපදා තත්ත්වයන් සම්බන්ධීකරණය වැඩි දියුණු කිරීම අරමුණු කර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
ජනතාව, නාවිකයින් සහ වෙරළබඩ ප්‍රජාවන්ට ක්ෂණික හා සෘජු සන්නිවේදන ක්‍රමවේදයක් ලබා දීමෙන්, වෙරළාරක්ෂක දෙපාර්තමේන්තු මෙහෙයුම් සූදානම වැඩිදියුණු කිරීම මෙන්ම සමුද්‍රීය ආරක්ෂාව සහ පාරිසරික සංරක්ෂණය සඳහා වන ජාතික ප්රයත්නයන් ශක්තිමත් කිරීමට මෙමඟින් උත්සාහ ගෙන තිබෙනවා.
ශ්‍රී ලංකාවේ ප්රමුඛ සමුද්‍රීය නීතිය ක්‍රියාත්මක කිරීමේ ප්‍රමුඛතම ආයතනය වන වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා මුහුදු තීරයේ ආරක්ෂාව සහ සමුද්‍රීය පරිසරය සුරක්ෂිත කිරීම සඳහා විශාල වගකීමක් ඉටු කරන බව සඳහන්.
මුහුදේ ජිවිත හා දේපල ආරක්ෂා කිරීම, තෙල් කාන්දු කළමනාකරණයේ පළමු ප්‍රතිචාරකයා ලෙස ප්‍රතිචාර දැක්වීම, මත්ද්‍රව්‍ය සහ මිනිස් ජාවාරම් මැඩලීම, සෝදිසී කිරීම සහ මුදවා ගැනීමේ මෙහෙයුම් ඇතුළු මුහුදේදී සිදුවන නිතී විරෝධි කටයුතු සඳහා ද එය සක්‍රියව දායක වනවා.
ඒ අනුව සියළුම නාවිකයින්, ධීවරයන් සහ මුහුදු ආශ්රිත ප්‍රජාවන් හට මුහුදේ සිදුවන හදිසි අවස්ථාවන්හිදී හදිසි ඇමතුම් අංක 106 භාවිතා කිරීම සඳහා ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව දැනුම් දෙනු ඇති.