
වෙරළ තීරයෙන් හමුවූ නාඳුනන පුද්ගල මළසිරුර
තොඩුවාව කුඩාමඩුවැල්ල වෙරළ තීරයේ තිබී නාඳුනන පිරිමි පුද්ගලයෙකුගේ මළසිරුරක් සොයාගෙන තිබෙනවා.
මියගිය පුද්ගලයාගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැති බව සඳහන්.
ඊයේ (28) සවස් කාලයේදී පොලිස් ස්ථානයට ලද පණිවුඩයක් මත සිදුකළ විමර්ශන අනුව මළසිරුර සොයාගත් බවයි තොඩුවාව පොලීසිය සඳහන් කළේ.
මියගිය පුද්ගලයාගේ දේහය මාරවිල රෝහලේ තැන්පත් කර ඇති අතර තොඩුවාව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.