
වෙසක් පොහොය වෙනුවෙන් ජිනීවා නුවරත් විශේෂ වෙසක් උත්සව
බෞද්ධ ජනයා සැදැහැ සිතින් උතුම් සම්බුදු තෙමගුල සිහි කරමින් වෙසක් පොහොය වෙනුවෙන් ලොවපුරා වැඩසටහන් රැසක් සංවිධාන කර තිබුණා.
මෙවර ජිනීවා නුවරත් විශේෂ වෙසක් උත්සව සංවිධානය කර තිබු අතර ඒ සදහා සැදැහැවතුන් විශාල පිරිසක් එක්ව සිටියා.
සයිප්‍රස් ශ්‍රී ලංකාරාමාධිපති ප්‍රධාන සංඝනායක ආචාර්ය මොරවක සෝරත නාහිමියන්, ස්වීඩනයේ සමාධි බෞද්ධ ආයතනාධිපති ප්‍රධාන සංඝනායක ආචාර්ය උඩගම නාරද නාහිමියන්, ආචාර්ය තවලම ධම්මික නාහිමියන් හා පුජ්‍ය හල්විටිගල සුජාත හිමි මේ පිංකම් වෙනුවෙන් අනුසාශනා කළා.
බෝධි පූජා පිංකමක්ද මාර්ග ගත තාක්ෂණය හරහා මීට සමගාමීව සිදුකල අතර දාන, ශීල, භාවනා ආදී පිංකම් රැසක්ම එම වැඩසටහන් මාලාව වෙනුවෙන් සංවිධානවී තිබුණා.
ස්විට්ස්‍ර්ලන්ත, ප්‍රංශ, ශ්‍රී ලාංකා, තායිලන්ත, ලාඕස, කාම්බෝජ, වියට්නාම, මියන්මාර හා බංග්ලාදේශ ජාතිකයි විශාල පිරිසක් මීට එක්වූ අතර එම අවස්‌ථාවට තානාපතිනි හිමාලි අරුණතිලක මහත්මිය ද සහභාගී වුණා.