
වේග සීමා රෙගුලාසි ඇතුළත් ගැසට් පත්‍රය ඉදිරි සති දෙක තුළ නිකුත් කරනවා -රාජ්‍ය ඇමති ලසන්ත අලගියවන්න-
වර්තමානයේ ආරම්භ කර තිබෙන සැබෑ වැඩවර්ජන සැබෑ වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් නොව දේශපාලන අවශ්‍යතා මත සිදු වන්නක් බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසනවා.
එසේම මාර්ග අනතුරු අවම කරගැනීම සඳහා වේග සීමා සම්බන්ධයෙන් අවශ්‍ය කෙරෙන රෙගුලාසි ඇතුළත් ගැසට් පත්‍රය ඉදිරි සති දෙක ඇතුළත නිකුත් කිරීමට තීරණය කර තිබෙන බවද රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා.
ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා මේ බව සඳහන් කර සිටියේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද (11) ‘ස්ථාවර රටකට මඟකට’ මැයෙන් පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.
මෙහිදී රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ ප්‍රවාහන ක්ෂේත්‍රයේ ඵලදායිතාවය වෙනුවෙන් වැඩසටහන් රාශියක් ආරම්භ කර ඇති බවත් ඊට සමගාමීව අගෝස්තු මාසයේදී කඩවත බස් නැවතුම්පල ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීමට නියමිත බවයි.
එමෙන්ම මෙම බස් නැවතුම්පල තුළ නවීන ප්‍රවාහන කළමනාකරණ ක්‍රමවේද සහ තාක්ෂණයද යොදාගෙන තිබෙන බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.
තවද මාර්ග ආශ්‍රිත වේග පාලනය කිරීම සඳහා අවශ්‍ය යන්ත්‍ර මිලදී ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකා පොලීසියට මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව විසින් රුපියල් මිලියන 50ක මුදලක් ලබාදීමට තීරණය කර තිබෙන බවද රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළ බව සඳහන්.
පාසල් මට්ටමින් මාර්ග ආරක්ෂණ සංසඳ (Road Safty Club) පිහිටුවීමට අවශ්‍ය කෙරෙන අත්පොත් ගුරුවරුන්ට ලබාදීමටද කටයුතු කර තිබෙන බවයි වැඩිදුර අදහස් දක්වමින් ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ප්‍රකාශ කර සිටියේ.