
වෛද්‍යවරියක දූෂණය කිරීමේ සිද්ධිය ගැන පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි
අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියකට මුහුණපෑමට සිදුවූ සිද්ධිය සම්බන්ධයෙන් දැනටමත් පොලිස් පරීක්ෂණ සිදුවෙමින් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.
එම සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා කණ්ඩායම් කිහිපයක්ම යොදවා ඇති අතර මෙම සිදුවීම සම්බන්ධයෙන් කරුණු විමසා බැලීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සේවා අධ්‍යක්ෂ ප්‍රමුඛ කණ්ඩායමක් දැනටමත් අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත යවා ඇති බව සඳහන්.
සිද්ධිය පිළිබඳව කඩිනම් පරීක්ෂණයක් සිදුකර වැරදිකරුවන් නීතිය හමුවට ගෙන ඒමට හැකිවනු ඇති බවට අපේක්ෂා කරන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ.
එතෙක් සන්සුන්ව කටයුතු කරන ලෙසත්, අදාළ පරීක්ෂණ සිදුකරන නිලධාරීන්ට අවශ්‍ය සහයෝගය ලබාදෙන ලෙසත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටිනවා.