වෛද්‍ය සංගමයක ‘සභාපතිටත්’ කොවිඩ්
කළුබෝවිල රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතාට කොරෝනා රෝගය ආසාදනය වී ඇති බව අද (09) ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනේ දී සඳහන් කළා.
ඒ පුවත්පත් වාර්තාවක් උපුටා දක්වමින්.
වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා මේවනවිට දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කොට ඇති බව එහිදී සඳහන් කෙරුණා.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපතිවරයා වන්නේ ද වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතායි.