වොයේජර් දෙක යානය සමග නාසා යළි සම්බන්ධ වෙයි

වොයේජර් දෙක යානය සමග නාසා යළි සම්බන්ධ වෙයි

අතුරුදන් වූ වොයේජර් දෙක යානය සමග නාසා ආයතනය බලාපොරොත්තු වූවාට වඩා මාස කිහිපයකට පෙර යළි සම්බන්ධතා ඇති කර ගත් බව අභ්‍යවකාශ ඒජන්සිය පවසනවා

පසුගිය ජුලි මාසයේ දී අභ්‍යවකාශ යානයට වැරදි විධානයක් ලබා දීම හේතුවෙන් අතුරුදන් වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ

කෙසේ වෙතත් අභ්‍යවකාශ ඒජන්සිය ඊයේ (04) තහවුරු කළේ යානයෙන් දත්ත ලැබී ඇති බවත් එය සාමාන්‍ය පරිදි ක්‍රියාත්මකවන බවයි

තාරකා ගවේෂණය සඳහා වොයේජර් දෙක යානය 1977 වසරේ දී අභ්‍යවකාශගත කර තිබුණා.

Share This