
ශ්‍රීලංකන් කාගෝ ISO 9001:2015 තත්ත්ව කළමනාකරණ පද්ධති සහතිකකරණය හිමිකර ගනී
ශ්‍රීලංකන් ගුවන් සේවයේ ගුවන් භාණ්ඩ ප්‍රවාහන සේවා අංශය වන ශ්‍රීලංකන් කාගෝ (SriLankan Cargo), ISO 9001:2015 තත්ත්ව කළමනාකරණ පද්ධති සහතිකකරණය හිමිකර ගැනීමට සමත් වී තිබෙනවා.
ඒ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ තුළ සිදුකරන ගුවන් භාණ්ඩ ප්‍රවාහන සේවා බිම් මෙහෙයුම් කටයුතු (Ground Handling) වෙනුවෙන්.
ශ්‍රී ලංකන් ගුවන් සමාගම පැවසුවේ මෙම සහතිකකරණය, සිය ගුවන් භාණ්ඩ ප්‍රවාහන සේවා මෙහෙයුම් ක්‍රියාවලියේ සෑම අදියරක්ම විශිෂ්ට ලෙස පවත්වාගෙන යාම සඳහා ශ්‍රීලංකන් කාගෝ දරන උත්සාහයට මනා සාක්ෂියක් ලෙස හැඳින්විය හැකි බවයි.
ISO 9001:2015 තත්ත්ව කළමනාකරණ සහතිකකරණය පිරිනමනු ලබන්නේ ජාත්‍යන්තරව පිළිගත් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින්.
ශ්‍රීලංකන් කාගෝ මේ වන විට යුරෝපය, මැදපෙරදිග, දකුණු ආසියාව, අග්නිදිග ආසියාව, ඈත පෙරදිග සහ ඕස්ට්‍රේලියාව ඇතුළු කලාප රාශියක් වෙත ගුවන් භාණ්ඩ ප්‍රවාහන සේවාවන් සපයනවා.