
ශ්‍රීලංකන් ගුවන් සේවය, 33 වන MSBA ලීග් තරඟාවලියේ ශූරතාව දිනාගනී
33 වන වාර්ෂික MSBA ලීග් තරඟාවලියේ ශූරතාව ශ්‍රීලංකන් ගුවන් සේවයේ පැසිපන්දු කණ්ඩායම හිමිකර ගනු ලැබුවා.
ඒ අවසන් තරඟයේදී ශ්‍රීලංකන් ගුවන් සේවයේ පැසිපන්දු කණ්ඩායම DFCC බැංකු පැසිපන්දු කණ්ඩායමට එරෙහිව 60–52 ලෙස විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගනිමින්.
ශ්‍රීලංකන් ගුවන් සේවයේ සහය ගුවන් නියමු රයන් ජයරත්න තරඟාවලියේ වටිනාම ක්‍රීඩකයා (Most Valuable Player) බවට පත්වුණා.
කණ්ඩායමට ගුවන් මෙහෙයුම් අංශයේ සංජය වනසේකර, ඉංජිනේරු අංශයේ දොන් රාමනායක, ලූක් පෙරේරා, ශාලින් කාසිචෙට්ටි සහ ශවිත ද සිල්වා සහ ගුවන් සේවක අංශයෙන් ඇරොන් ගෝමස්, ඇන්ඩ්‍රෙ ජයකොඩි, බුද්ධි චතුශංක, ඩිහාන් විජේසිංහ, ජීන් ද සිල්වා සහ මලීෂ තිලකරත්න ද ඇතුළත් විය.
කණ්ඩායම් කළමනාකරු ලෙස තිලක් තිලකරත්න නායකත්වය ලබා දී තිබූ අතර, පුහුණුකරුවන් ලෙස හිරාන් විජේසූරිය සහ ඉසුරු පෙරේරා කටයුතුකර තිබුණා.
තරඟාවලියේ ශූරතාව දිනා ගනිමින් දැක්වූ මෙම ජයග්‍රහණය කණ්ඩායමේ දක්ෂතාව, කැපවීම සහ ක්‍රීඩාශීලීත්වයට සාක්ෂියක් වන අතර, පැසිපන්දු කණ්ඩායම ගුවන් සේවයේ විවිධ අංශයන් නියෝජනය කරනු ලබන ක්‍රීඩකයින්ගෙන් සමන්විත බවයි ශ්‍රීලංකන් ගුවන් සේවයේ ක්‍රීඩා අංශ බලධාරීන් පවසන්නේ.

